වර්ඩ්ප්‍රෙස් (WordPress) හි මව් සමාගම වන ඔටෝමැටික් (Automattic) ආයතනයේ මූල්‍ය අංශයේ විශාල වෙනස්කම් කිහිපයක් මේ දිනවල සිදුවෙමින් පවතිනවා. පසුගිය දිනවල සමාගම තුළ ඇති වූ අර්බුදකාරී තත්ත්වයත් සමඟ ප්‍රධාන විධායක නිලධාරී මැට් මුලන්වෙග් සහ මණ්ඩලයේ සාමාජිකයන් අතර ගැටුම් ඇති වුණා. එහි ප්‍රතිඵලයක් විදිහට හිටපු මූල්‍ය ප්‍රධානියා වූ මාර්ක් ඩේවිස් ඇතුළු පිරිසක් සමාගමෙන් ඉවත් වුණා. මේ නිසා හිස් වූ තාවකාලික මූල්‍ය ප්‍රධානියාගේ පුටුව සඳහා ජෙරමි ක්ලැපර්මන්ව පත් කිරීමට සමාගම පියවර ගෙන තිබෙනවා. ඔහු මීට පෙරත් එම වගකීම දරා ඇති නිසා සමාගමට මෙය අලුත් අත්දැකීමක් නෙවෙයි.
මේ අතර සමාගමේ නීති අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ ඇන්ඩි මිසාන් ද ඉවත් වීමත් සමඟ ඒ සඳහා නව නිලධාරියෙක් පත් කර ගැනීමටත් සමාගම කටයුතු කරමින් ඉන්නවා. මැට් මුලන්වෙග් පවසන විදිහට සමාගමේ මූල්‍ය තත්ත්වය ඉතාමත් ස්ථාවර මට්ටමක පවතින අතර, ඉදිරියේදී නව අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන් පිළිබඳ තොරතුරුත් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. සැප්තැම්බර් 23 වැනිදා පැවැත්වෙන මීළඟ අධ්යක්ෂ මණ්ඩල රැස්වීමේදී සමාගමේ ඉදිරි ගමන පිළිබඳ තීරණාත්මක සාකච්ඡා කිහිපයක් සිදු කිරීමට නියමිත බවයි වාර්තා වෙන්නේ. කෙසේ වෙතත්, සමාගම මේ වන විටත් ඉතාමත් සාර්ථකව තම මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යන බව ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

Discussion & Feedback