ඊශ්‍රායල පාර්ලිමේන්තුවේ අන්තවාදී මන්ත්‍රීවරයෙක් වන ස්වි සුකෝට්, බටහිර ඉවුරේ පිහිටි පලස්තීන ස්මාරකයක් කුළුගෙඩියකින් පහර දී විනාශ කර දැමීමේ පුවතක් මේ වන විට ලෝකයේම අවධානයට ලක්වෙලා. හමුදා ආරක්ෂාව මැද මෙම ප්‍රහාරය සිදුකරන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් පැතිර යනවා. 1968 වසරේදී මියගිය පලස්තීනුවන් සිහිපත් කිරීම සඳහා ඉදිකර තිබූ මෙම ස්මාරකය, තමන්ට ඉවසා සිටිය නොහැකි බව පවසමින් ඔහු මෙම විනාශය සිදුකර තිබෙන්නේ. මෙම සිදුවීමත් සමඟ පලස්තීනුවන් පමණක් නොව, ඊශ්‍රායල දේශපාලන ක්ෂේත්රයේ බොහෝ දෙනෙකුත් දැඩි විරෝධයක් එල්ල කරමින් සිටිනවා.
මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ කාර්යාලය පවසා තිබෙන්නේ, නීතිය අතට ගැනීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවයි. කෙසේ වෙතත්, අදාළ මන්ත්‍රීවරයා අයත් පක්ෂයේ නායකයා මෙම ක්‍රියාව සාධාරණීකරණය කිරීමට උත්සාහ කිරීම විශේෂත්වයක්. මේ වන විට බටහිර ඉවුරේ පදිංචිකරුවන් විසින් සිදුකරන මෙවැනි ප්රචණ්ඩ ක්‍රියා හේතුවෙන් කලාපයේ ආරක්ෂාව බරපතළ තර්ජනයකට ලක්ව ඇති බව හමුදා ප්‍රධානීන් පවා අනතුරු අඟවා තිබෙනවා. පවතින උණුසුම් වාතාවරණය හමුවේ මෙම සිදුවීම තවත් ගැටුම්වලට මුල පිරීමක් විය හැකි බවටයි ජාත්‍යන්තර දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ.

Discussion & Feedback